මිහින්තලය ඒ 9 මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් අද (20) අලුයම 3.00 ට පමණ සිදු වූ අනතුරක් සිදු වී තිබෙයි.
මෙම අනතුරින් දෙදෙනකු(02) තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයි.
තුවාල ලැබුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම එළවළු ලොරි රථය , යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බහුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී මෙම අනතුර සිදුව ආරංචි මාර්ග සදහන් කරයි .
එළවලු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සැකකරයි.