Sunday, May 11, 2025
Home » ආක්‍ර­ම­ණ­ශීලි ජලජ ශාක ජා-ඇළ ඇළ ගිල ගනී

ආක්‍ර­ම­ණ­ශීලි ජලජ ශාක ජා-ඇළ ඇළ ගිල ගනී

ජල මාර්ගය විනාශ වීමේ අව­දා­න­මක

by Gayan Abeykoon
June 20, 2024 1:01 am 0 comment

ජා-ඇළ විශේෂ තිස්ස කොටි­න්ක­ඩුව

ජා-ඇළ ඇළ ජපන් ජබර වැනි ආක්‍ර­ම­ණ­ශීලි ජලජ ශාක­ව­ලින් පිරී යාම නිසා පාසි­ව­ලින් ගහ­නව ඇළ විනාශ වීමේ තර්ජ­න­ය­කට මුහු­ණපා ඇති බව ප්‍රදේ­ශ­වා­සීහු චෝදනා කර සිටිති. මේ තත්ත්වය නිසා ඇළ අවට ගම්වා­සීන් තම ගෙවතු වගා­වන් සදහා ඇළේ ජලය ලබා ගැනී­මේදී ගැට­ලු­ව­කට මුහු­ණපා ඇති බවද ඔවුහු සඳ­හන් කර සිටිති.

ජා-ඇළ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ඉදි­වි­ටිය, කල­එ­ළිය, දෑල­තුර යන ප්‍රදේ­ශ­වල අධික ජන කොට­සක් තම එදි­නෙදා වැඩ කට­යුතු සඳහා ද ජා-ඇළ ඇළේ ජලය කාලා­න්ත­ර­යක් මුළුල්ලේ භාවි­ත­යට ගනි­මින් සිටී. වසර ගණ­නා­ව­කින් ඇළ පිළි­ස­කර කිරී­මට වාරි මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන නැති බවද ඔවුහු සඳ­හන් කර සිටිති.

ඔවුන් වග­කිව යුත්ත­න්ගෙන් ඉල්ලා සිටින්නේ ඇළේ රොන්මඩ ඉව­ත්කොට ආක්‍ර­ම­ණ­ශීලි ජලජ ශාක, පාසි ඉව­ත්කොට ඇළේ ජල ධාරි­තා­වය රඳවා ගැනී­මට කඩි­නම් පිය­ව­රක් ගන්නා ලෙසය. මේ පිළි­බඳ ගම්පහ වාර්මාර්ග ප්‍රධාන ඉංජි­නේරු ක්‍රිශාන්ත රුප­සිංහ මහතා පව­සන්නේ ඇළ අවට පදිංචි පිරිස් විසින්ම ඇළ තාවුල්ලේ අන­ව­සර වගා කිරීම් සිදු කරන බවත් ඇළ දෙප­සට අප­විත්‍ර කුණු සීමා­ව­කින් තොරව බැහැර කිරී­මත් ඇළ මේ අයු­රින් ජරා­ජීර්ණ වීමට හේතු­වක් වී ඇති බවය. ඇළ ආරක්ෂා කර ගැනීම ජන­තා­වගේ ද වග­කී­මක් බවය. කෙසේ වෙතත් හැකි ඉක්ම­නින් ජා-ඇළ ඇළ පිළි­ස­කර කිරී­මට කඩි­නම් ක්‍රියා මාර්ග­යක් ගන්න බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT