රජයේ අස්වැසුම අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමේ වැඩසටහනට සමගාමීව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයතිලක ශාඛාවේ සමෘද්ධි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ලබාදෙනු ලබන සහල් මලු බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබිණි.
මෙම වැඩසටහන දෙහිවල, රත්මලාන, සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාගේ අධීක්ෂණය මත දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි, හිටපු නාගරික මන්ත්‍රී සංජය තාබෘ විජයරත්න යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් දෙහිවල සමෘද්ධි කළමනාකාරිනී කුමුදුනී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හා සංවිධායකත්වයෙන් ජයතිලක කොට්ඨාසයේදී සිදු කරනු ලැබිණි.