Saturday, May 10, 2025
Home » ‘Denary Odyssey’ දෘෂ්‍ය කලා ප්‍රද­ර්ශ­නය 28දා සිට

‘Denary Odyssey’ දෘෂ්‍ය කලා ප්‍රද­ර්ශ­නය 28දා සිට

by Gayan Abeykoon
June 20, 2024 1:01 am 0 comment

තක්ෂිලා උද­යං­ගනී

‘Denary Odyssey’ දෘෂ්‍ය කලා ප්‍රද­ර්ශ­නය මෙම මස 28 වැනිදා සිට  30 වැනිදා දක්වා කොළඹ 07, ලය­නල් වෙන්ඩ්ට් කලා­ගා­රයේ හැරල්ඩ් පීරිස්  පරි­ශ්‍රයේ පැවැ­ත්වෙන අතර එහි විවෘත කිරීමේ උත්ස­වය එළැ­ඹෙන 28 වැනිදා සවස  6.00ට ඇරැ­ඹෙන අතර මහ­ජන ප්‍රද­ර්ශ­නය එළැ­ඹෙන 29 සහ 30 වැනිදා යන දෙදින පෙර­වරු  9.00 සිට රාත්‍රි 8.00 දක්වාත් පැවැ­ත්වී­මට නිය­මි­තය.

මෙම ප්‍රද­ර්ශ­නය සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රීන් වන  නාමල් කුමාර, ඩිමාල්, චන්දන ගුණ­ති­ලක හා අනූප පෙරේරා, කැල­ණිය  විශ්ව­වි­ද්‍යා­ලයේ සෞන්දර්ය ශාස්ත්‍ර­පති උපාධි අපේ­ක්ෂක ශානක කුල­තුංග,  යාන්ත්‍රික ඉංජි­නේ­රු­වකු මෙන්ම කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාත් උපාධි ආය­ත­නයේ  පුරා­වි­ද්‍යාව පිළි­බඳ විද්‍යා­පති උපා­ධිය හදා­ර­මින් සිටින ගයාන් හේම­රත්න,  සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උපා­ධිය ලබා දැනට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය  පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ කලා ඉති­හා­සය පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය  හදා­ර­මින් සිටින කවී­ෂ්වර ජය­සේ­කර, කොළඹ ශ්‍රද්ධා කලා නිකේ­ත­නයේ ලලිත කලා  ඩිප්ලෝ­මා­ධාරී රසික ද සිල්වා, සහ­කාර කථි­කා­චාර්ය මන්දිරා රණ­තුංග, ඩිජි­ටල්  කලා­ක­රු­වකු වන භානි මනෝ­හංස යන සම­කා­ලීන ශ්‍රී ලාංකේය කලා­ක­රු­වන් දස දෙනාගේ  සහ­යෝ­ගී­තා­ව­යෙන් යුතු සාමූ­හික ප්‍රය­ත්න­යකි.

‘Denary Odyssey’ ප්‍රද­ර්ශ­නය ශ්‍රී ලංකාවේ සමූහ කලා ප්‍රද­ර්ශන  ඉති­හා­සයේ නව පරි­ච­යක් වනු ඇත. ලාංකේය සම­කා­ලීන කලා­ක­රු­වන් දස­දෙ­න­කුගේ  ප්‍රති­භාව ප්‍රද­ර්ශ­නය කර­මින් විචි­ත්‍ර­වත් සහ සජීවී කලා­ත්මක පරි­ස­ර­යක් තුළ  පැවැ­ත්වෙන මෙම දෘෂ්‍ය කලා ප්‍රද­ර්ශ­න­යට සහ­භාගි වී අද­හස් සහ යෝජනා බෙදා  ගැනී­මට එක් වන මෙන් සංවි­ධා­යක මණ්ඩ­ලය සියලු දෙනාට ඇර­යුම් කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT