Home » පොසොන් පොහොය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනයයි

පොසොන් පොහොය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනයයි

පොසොන් පණිවිඩයෙන් ජනපති කියයි

by mahesh
June 21, 2024 1:00 am 0 comment

පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මඟපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එමෙන්ම ලෞකික සහ ලොව්තුරු මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය.

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතුය.

එසේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටලු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කර ගනිමුයැයි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වෙමින් සැමට පින්බර පොසොන් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT