Home » කොදෙව් කාන්තා පිළි දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

කොදෙව් කාන්තා පිළි දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

by yasara
June 21, 2024 6:11 pm 0 comment

කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21) පැවති 3වන එක්දින තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

එහිදී චමරි අතපත්තු ලකුණු 91ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 115ක් පමණි.

මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව වසර 16 කට පසු පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 3 – 0 ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමිකර ගත් අවස්ථාව මෙයයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT