Home » උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

by chanaka
June 21, 2024 6:12 pm 0 comment

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ලබන මස 10 වැනිදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර කැඳවීම සිදු කළ හැකි අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්, ජංගම දුරකථන යෙදවුමෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගත හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT