Home » ජාතික රූපවාහිනියේ පොසොන් පෝදා වැඩසටහන අනුරපුරයේදී

ජාතික රූපවාහිනියේ පොසොන් පෝදා වැඩසටහන අනුරපුරයේදී

by mahesh
June 21, 2024 1:00 am 0 comment

ජාතික රූපවාහිනි සංස්ථාව මඟින් විකාශය කරන පෝදා වැඩසටහන අද (21) අනුරපුර ඓතිහාසික අභයගිරිය මහා විහාරයේදී පැවැත්වෙන බව රූපවාහිනි සංස්ථාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසීය.

අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාකච්ඡාවක් ද පැවැති අතර අදාළ බස් රථ ධාවනය කෙරෙන කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට එහිදී තීරණය කර ඇත.

ඒ අනුව අනුරාධපුර පොසොන් උත්සවයට සහභාගි වන බැතිමතුන්ට අවශ්‍ය ගමන් පහසුකම් සැපයීමට සැලසුම් මේ වන විට සකස් කරමින් පවතියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT