මීගහකිවුල නගරයේ පැවැති ආබාධිතයින්ගේ රැස්වීමකට සහභාගි වීමට පැමිණ නිවෙස් බලා යමින් සිටි ආබාධිතයින් දෙදෙනකු ඇතුළු පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ඊයේ (20) දහවල් 12.00ට පමණ බදුල්ල මහියංගණ මාර්ගයේ මීගහකිවුල නගරය ආසන්නයේ දී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු බරපතළ තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනකු බදුල්ල ශික්ෂණ රෝහල වෙත මරුකර යවා ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ පදිංචි අවුරුදු 40-60 අතර වයසේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.
මීගහකිවුල නගරයේ සිට බදුල්ල මහියංගණ මාර්ගයේ පොල්ගහඅරාව ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබූ ඩීසල් වර්ගයට අයත් මෙම ත්‍රීවිල් රථයේ රියදුරා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ත්‍රීවිල් රථය වෙළඳසලක් අසල නවත්වා ඉන් බැස ගොස් ඇති අතර ඒ සමඟම ධාවනය වූ ත්‍රිරෝද රථය අඩි පනහක් පමණ මාර්ගය ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් තිබූ අඩි 30පමණ උසැති බෝකුවකින් පහළට පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි එක් පුද්ගලයකු ධාවනය වන ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවි ගලවාගෙන ඇත.