Home » රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි

මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්

by mahesh
June 21, 2024 1:00 am 0 comment

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින්. තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. රාජ්‍ය අංශය තුළ කාන්තාවන් 1,074,290ක් ද, පෞද්ගලික අංශයේ කාන්තාවන් හත් ලක්ෂ තුන්දහස් දෙසිය අනූවක් සේවය කරනවා. එමෙන්ම වතුකරයේ කාන්තාවන් එක් ලක්ෂ හැත්තෑ දහස් හත්සිය අසූ හයක් සේවය සේවය කරනවා. ආර්ථිකය සඳහා කාන්තාවන් සුවිශේෂි දායකත්වයක් ලබා දෙන බැවින් එම පිරිස කෙරෙහි අවධානය යොමුකරන්න.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය කාන්තාවකට හිමිවීම පිළිබඳව තමා සතුටට පත්වෙනවා. අනෙකුත් රාජ්‍ය ආයතනද මෙය ආදර්ශයට ගත යුතුයි.

එසේ වුවද රටේ සමස්ත ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන් වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කාන්තා නියෝජිතයින් 12 දෙනකු පමණක් වීම කනගාටුවට කරුණක්. අපි යුනෙස්කෝව සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පිළිබඳ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර ඇත්තෙමු. මෙම කොමිෂන් සභාවට සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඇතුළත් කළ යුතු බවත්, එම කොමිසමේ න්‍යාය පත්‍රය 09ක් විය යුතු බවත් අපි යෝජනා කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT