Home » පක්ෂ නායකයෙක් වූ පළියට පියා ජනාධිපතිවරයකු වූ පළියට රටක් භාර දෙන්න බැහැ

පක්ෂ නායකයෙක් වූ පළියට පියා ජනාධිපතිවරයකු වූ පළියට රටක් භාර දෙන්න බැහැ

මන්ත්‍රී සරත් ෆොන්සේකා

by mahesh
June 21, 2024 1:00 am 0 comment

පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20ද) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් සිදු කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

මගේ කතාව සඳහා විපක්ෂය වේලාව ලබා නොදීම නිසා ආණ්ඩු පක්ෂයෙන් වේලාව ලබාදුන්නා. ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායකවරයාට ඡන්දය ලබාදී අමාරුවේ වැටෙන්න එපා.

පක්ෂ නායකයෙක් වු පළියට, පියා ජනාධිපතිවරයකු වූ නිසා හෝ නෑකම් තිබුණු පළියට හරි, පක්ෂවල උරුමය තිබුණු පළියට එවන් අයට රට නැවත භාර දුන්නොත් රට විනාශ වෙනවා.

මම අද කතාව පවත්වන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාව ඉල්ලුවා. එයා මට දුන්න උත්තරය තමයි මට කතා දෙන්න එපා කියලා උපදෙස් ලැබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ඇහුවා ජනාධිපතිවරණයේදී මම සජිත් ප්‍රේමදාසට වැඩ කරනවාද කියලා. ඒ නිසා මට එතුමාගෙන් වේලාව ලැබුනේ නෑ. එක එක්කෙනාට කඩේ ගියොත් තමයි කතා පවත්වන්න පුළුවන්. මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වේලාව අරන් තියෙනවා මගේ කතාව කරන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT