රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට උපාධිය හැදෑරීම වෙනුවෙන් ක්‍රියාත්මක පොලී රහිත ණය යෝජනා ක්‍රමය ප්‍රමාද බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (20) දිනට නියමිත කටයුතු ආරම්භ වීමෙන් පසුව විමසීමක් සිදු කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා නියෝග කර තිබියදීත් මෙලෙස ප්‍රමාද කරන්නේ කවර හේතුවක් නිසාද?
එමෙන්ම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලික විශ්වවිද්‍යාල තුළින් උපාධි හැදෑරීමට අදාළ ගැසට් පත්‍රය මේ වන තෙක් නිකුත් වී නැහැ. එමෙන්ම මෙම ගැසට් පත්‍රය පසුගිය දෙසැම්බර් මාසයේදී නිකුත් වීමට තිබුණත් එය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පොලී රහිත ණය යටතේ උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින දරුවන්ට එම උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට නොහැකි වී තිබෙනවා. දැනටමත් සියලු පාඨමාලා ගාස්තු ගෙවීමට හැකි සිසු දරුවන් එම ගාස්තු ගෙවා ලියාපදිංචි වී ඇති මොහොතක මෙම ප්‍රමාදය හේතුවෙන් ඔවුන්ගේ උපාධි සිහින අපේක්ෂා බිඳ වැටී තිබෙනවා.