Saturday, May 10, 2025
Home » ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත් කෙටුම්පත දුර්වලවීමෙන් ආරක්ෂා විය යුතු පිරිසක් තවත් අවදානමකට ලක් කර තිබෙනවා

ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත් කෙටුම්පත දුර්වලවීමෙන් ආරක්ෂා විය යුතු පිරිසක් තවත් අවදානමකට ලක් කර තිබෙනවා

මන්ත්‍රිනී හරිනි අමරසූරිය

by mahesh
June 21, 2024 1:00 am 0 comment

ස්ත්‍රී – පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත දුර්වල පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීම නිසා ආරක්ෂා විය යුතු පිරිසක් තවත් අවදානමකට ලක් කර ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසුවාය.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.

මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

මෙවැනි සංවේදී කාරණා හදිසියේ ඉදිරිපත් නොකළ යුතුයි. මෙවැනි කාරණා පුළුල් සාකච්ඡාවකින් යුතුව නිවැරදි ලෙස ඉදිරිපත් කළ යුතුයි.

මෙම පනත කිසිදු තර්කයකින් තොරව අවශ්‍ය පනතක්. නමුත් එය නිවැරදිව සිදු විය යුතුයි. ආණ්ඩුව ගෙන එන පනත් තුළින් අර්බුදයක් රට තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඒ සඳහා හොඳම උදාහරණයක්. ජනාධිපතිවරයාගේ උද්දච්චකම මතින් ගේන මේ පනත් ඉතාම පරෙස්සමෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ පනත දුර්වල එකක්. ඒ නිසා තමයි උසාවියෙන් එය අභියෝගයට ලක් වුණේ. ඒ වගේ දුර්වල පනතක් ඉදිරිපත් කළාම අධිකරණයට බැණලා වැඩක් නැහැ. මේ තුළින් ආරක්ෂා විය යුතු කොටස් තවත් අවදානමට ඔවුන් පත් වෙනවා.

ඍණාත්මක සංවාදයක් සමාජය තුළ එමඟින් ගොඩනැඟෙනවා. මැතිවරණයක් ළංකරගෙන මෙවැනි සංවේදී පනත් ඉදිරිපත් නොකළ යුතුයි. ස්ත්‍රී – පුරුෂ සමාජභාවය විද්‍යාත්මකව මෙන්ම සමාජමය ලෙස පිළිගත් දෙයක්. මේ මාතෘකාව නිසි ලෙස විවාදයට ගත යුතුයි. හදිසියේ ඒවා නොකළ යුතුයි. දුර්වල කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණාම අධිකරණයට දොස් කියලා වැඩක් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT