ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයශංකර් මහතා ඊයේ (20) දින උදෑසන පැය කිහිපයකට පමණක් දිවයිනට පැමිණියේ ජීව දත්ත ඇතුළත් විශේෂ හැඳුනුම්පතට අදාළ කොන්ත්‍රාත්තුව, විදුලිබල කොන්ත්‍රාත්තුව ආදි ගණනාවක් සඳහා බලකොට එකඟ කරවා ගැනීමට බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පෙරවරුවේ කටයුතු අතරතුර විමසීමක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
එබැවින් මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඉන්දීය විදේශ ඇමැතිවරයා පැය කිහිපයකට මෙරටට පැමිණෙන්නේ අපේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිදු කිරීමට නියමිත වූ ජීව දත්ත ඇතුළත් විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව වගේම අදානිට විදුලිබල කොන්ත්‍රාත් ලබාදීම ඇතුළුව ව්‍යාපෘති 10ක් හෝ 12ක් සඳහා ශ්‍රී ලංකාවට බලකොට එකඟ කරවා ගන්නයි. මෙහි මීළඟ දිගුව ලෙස අගෝස්තු මාසයේදී ඉන්දීය අගමැතිවරයා පැමිණෙනවා.