Saturday, May 17, 2025
Home » McLarens Lubricants විසින් ExxonMobil Dis tributor Excellence Awardsහිදී රිදී සම්මානය දිනාගනී

McLarens Lubricants විසින් ExxonMobil Dis tributor Excellence Awardsහිදී රිදී සම්මානය දිනාගනී

by gayan
June 22, 2024 1:00 am 0 comment

ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මඟින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන

උලෙළේ දී Total Excellence Award කාණ්ඩයෙන් රි දී සම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ ඕෂනියා කලාපීය බෙදාහරින්නන්ගේ සමුළුවේ දී (SAO) සිදුකෙරිණි.

ව්‍යාපාර සැලසුම්, නිෂ්පාදන විකුණුම් හා ඒ සඳහා ආයෝජනය සහ ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය මෙන්ම සන්නාම ප්‍රවර්ධනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක දී McLarens Lubricants සමාගම විසින් දක්වන ලද සුවිශේෂී කාර්යසාධනය මෙහි දී ඇගයීමට ලක්විය. අග්නිදිග ආසියා සහ ඕෂනියා කලාපීය වෙළෙඳපළේ සිටින සියලුම ExxonMobil බෙදාහරින්නන් පදනම් කරගනිමින් සිදුකරන ලද මෙම ඇගයීම් ක්‍රියාවලිය මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය දක්වන කලාපීය ව්‍යාපාරිකයන් ඇගයීමට ලක්කරන ලදී.

ලොව ප්‍රමුඛතම තෙල් හා ගෑස් අලෙවි සමාගම වන ExxonMobil සතුව ලොව පුරා විහිදුණු සවිමත් බෙදාහැරීම් ජාලයක් තිබෙන අතර එය Fortune 500 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළම 10 දෙනා අතර නිරන්තරයෙන්ම රැඳී සිටින ගෝලීය සමාගමකි. වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමියන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ විශ්වාසය දිනාගනිමින් Mobil Lubricants මෙරට ලිහිසි තෙල් වෙළෙඳපළ තුළ ඉහළින්ම රැඳී සිටින අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil Lubricants නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ දිගුකාලීන බලයලත් නියෝජිතයා වන McLarens Lubricants සමාගම ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපළේ ප්‍රමුඛතම නිමි ලිහිසි තෙල් ආනයනකරුවා ලෙස කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT