පින්බර පොසොන් පොහොය ඊයේ දිනට යෙදිණ. එසේම, ඒ නිමිති කර ගනිමින්, පොලොන්නරුව කිරි වෙහෙර අබියසදී, එළැඹෙන, 28දා දවස පුරා ‘දීප දස්සන’ පුණ්‍ය වැඩසටහන පැවැත්වීමට ද නියමිතය. මෙවර එම පින්කම පැවැත්වෙන්නේ, 37 වැනි වරටය. මේ එම පින්කම සංවිධානය කරන,දීප ව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනම වෙනුවෙන් එහි සභාපති, වෛද්‍ය, සමරසේන ඩයස් මහතා සමස්ත ලෝකවාසින්ට තිළිණ කරන දහම් පණිවුඩයකි.
මිහිඳු මාහිමියන් වහන්සේ දේවානම්පියතිස්ස නිරිඳු එදවස වෙන තෙක් වේසාලි පුරයේම නතරව සිටියේ රටකට රජෙක් හදනවාට වඩා පින්බර ජාතියකට ජාතික සංස්කෘතියක් හා සිහල වූ උරුමයක් මුල් අදින්නට කළ යුත්තේ කුමක්ද සොයමිනි. සදාචාරය හා ධර්මතාව හදන්නට හැකිදැයි උන්වහන්සේ සිතන්නට ඇත. කැලෑ ගතියෙන් පිරි උදාසීන කායික සහනයක් සිහිනයක් කරගත් මිනිසුන් කොටසක් ක්‍රිස්තු පූර්ව 236 තරම් වන විට මේ රටේ සිටින්නට ඇත. මිහිඳු මාහිමියන් වහන්සේ ආගමනය නිසා මිනිසුන් කළ කී සියලුම දේ යළි ආපස්සට හරවා ගන්නට සිදුවිණ. මේ අඹ ගස් හැර වෙනත් අඹ ගස් ඇත්තේ ද යනුවෙන් රජුගෙන් අඹ පැනය විසඳු ආකාරයෙන් රජු පිනැත්තකු බව තේරුම් ගත්තේය. පාලකයා විචාරවත් අයෙකු බව දැන ගත් මිහිඳු මාහිමියන් වහන්සේ සිය ප්‍රතිපදාව හා ධර්මතා ප්‍රතිපත්තියේ වටිනාකම රජුට වටහා දුන් සේක. මහා වෙහෙසක් නොගත්ත ද සැණින් රජු ධාර්මිකයකු හා පාලකයෙකු බවට පත් කරවීම ඊතලය දුන්න බිම හෙළන්නට අණ නොදුන්නද ශීලාචාරය හා ධර්මතාව ගැන සාකච්ඡා කළේය. බුද්ධි පරීක්ෂණයෙන් රජු සමත්වීම නිසාම අප්‍රමාදවම ලක්දිව බුදු සසුන පිහිටුවිය හැකි බව රහත් උතුමාණෝ අවබෝධ කරගත් සේක.
රජු විසින්ම පංචශීල ප්රතිපදාවන් රාජ නීතියට එක්කාසු කර ගත්හ. රජු ධාර්මික වූ නිසාවෙන්ම රට වැසියා ප්‍රතිපත්තියට හා ප්‍රතිපදාවට ගරු කළේය. මිනිහෙක් හදනවාට වඩා ධර්මතාවයන්, සදාචාරයන් මිනිසා තුළට රිංගවීමට රජු සමත්විය. මරාගෙන කෑමට වඩා උපයාගෙන කෑම ධාර්මික ඉගැන්වීමට එකතු කළේ මිහිඳු හිමියන් ඇති කළ ශිෂ්ට සම්පන්න එකතුව අද සමාජයෙන් බොහෝ දුරට පැන ගොස් හමාරය. අද මිනිසා තරගයට අවතීර්ණ වී ඇත. හොරකම හිරිකිතයකින් තොරව එළිපිටම කරන්නට තරම් මිනිහා වල් වැදී ඇත. තරගයක් හදා ඇත. නොමිනිහා හොරකමට බලපොරේට ප්‍රසිද්ධියේ උදවු කරන හැටි හොඳාකාරව පෙනෙන්නට ඇත. භූත ලෝකයේ හිස් වෙන විට දරන්නට නොහැකි නොමිනිසුන් සමූහයා දැන් එක්කාසු වී ඇත. මායාවක් කරමින්ම පංචශීල ප්‍රතිපදාව වැළලීමට තරම් නිර්ලජ්ජීවී ඇත. දෙව්ලොව දෙවියන් තුෂ්නිම්භූතව කෝපවී ඇත්දැයි සැකයක් ඇත.
රටට කෙසේ වෙතත්, ශාසනයට ඇලුම් කරන ගිහි පැවිදි පිරිසක් ඇතිවීමට ප්‍රමාද නොවිය යුතුය. යහගුණය හා යහපැවැත්මට භූත ප්‍රේත කොටස් ප්‍රසිද්ධියේම අකමැත්ත ප්‍රකාශ කර සිටී. මිහිඳු පරපුරෙන් පැවත එන සිංහල බෞද්ධයා තිරිසන් අමන වැඩට නොපෙලඹුණද, එකිනෙකා කුළල් කාගත්තේද වෛර බැඳගත්තේ ද, කපා මරා ගත්තේද, කාගේ නියමයටද? නොමිනිහා බැදි දෙවොලේ ප්‍රධානියා මිනිසුන් කපා කොටා ගැනීම්වලට යදින්නට, කියන්නට, සාධාරණය සොයන්නට එන බව හොඳාකාරවම දැනගෙන සිටියේය. උනුනුන් කුළල්කා ගන්නට මන්තර පද බැඳීම්, පළි ගැසීම් හා පළිගැනීම් බාරහාරවීම් පෙළගස්වා ධර්මයෙන් ඈත් කර මවාලූ නොමිනිසෙක් ගැලවුම්කාරයා සේ ඉදිරිපත් කර පෙන්වූයේය.
අද කාලේ මිහිඳු හිමියන්ගේ පිරිස විකල්පයක් සොයාගෙන ඇත. ගැහුවොත් ගහනකමට පළි ගසා පුරුදු කර හිංසනය හා හිංසාවෙන් ගනුදෙනු කරගන්නට පෙලඹවිණ. වෛර කිරීමට අවසරය නොපැතුවේය. මම පමණක්ම දිනිය යුතු යන අධර්ම, අශික්ෂිත අපේක්ෂාවට ලජ්ජාව, භය හා සැක නැතිව ඉදිරිපත් විණ. ධර්මයෙන් ඈත් වී කුළල් කා ගැනීමෙන් ඇතිවුණු ගාම්භීරත්වය ගැන ලජ්ජාවක් ඇති නොවිණ. නීතිය, අවනීතිය කර කෙසේ හෝ තමාගේ බලාපොරොත්තුව හොඳින් හෝ නරකින් කරගැනීමට නොමිනිහා මිනිහාට සාර්ථකව උදවු කළේය.
අසල්වැසියාගේ ආදරය, කරුණාව නැතිව ජීවත්වීමට හැකි ලෙසින් යන්ත්‍ර මන්ත්‍රවලින් ප්‍රේත බැඳීම්වලින් මිනිසුන් ගැටගසා විපත්ති වෙන අයුරු බලා නොමිනිහා විපරමින් සිටියේය. මිනිසා මිනිසාට සතුරුකම් නොකළ යුත්තේමය. සතුරා වුවද වරෙක කලෙක පෙර භවයක අපේම අයෙකි. සතුරුකම් කරන්නේ අපේ අවශ්‍යතාවට වඩා ප්‍රේත භූත ආදීන්ගේ ඕනෑ එපාකම් හා බලාපොරොත්තු සඵල කර ගැනීමට බව අපි නොදන්නේමය. භාරහාර වීම හා පුද දීම් සංකල්පයෙන් මිනිහා ඈත් නොවුණහොත් දාන, ශීල භාවනාම පුණ්‍ය කටයුතුවලින් මිනිසුන් දැනට වඩා ශීඝ්‍රයෙන් අඩුවනු ඇත්තේමය. අද බොහෝ පිරිස් පන්සලෙන් ඈත් කරවීමට ගිහි පිරිත් දේශනා ප්‍රතිපදාව හිතාමතාම සකස් කර ඇත්තේය. විහාරය හා පන්සල හුදෙකලා කිරීමේ පාපයේ වගඋත්තරකරුවන් වූ යක්ෂ, ප්‍රේත, භූත කොටස් මොන තරම් පාපකර්මයක් කරගත්තේද?
තිසරණයෙන් තොරව පාඩුවේ ජීවත්වීම ඇතමුන්ගේ ආකල්පයක් හා උත්සාහයක් වුවත්, නිවීමට හෝ නිවනට එය ඇතැයි සිතීම අපේ අය කරගන්නා වැරදි උත්සාහයකි. නොමිනිහාට කළ හැකි දේ මිනිහාට තාමත් කළ හැකිදැයි ප්රශ්නයකි. ඇත්තටම මිනිහා දුබල කරන්නේද, නොමිනිහාගේ ඕලාරික හා සංසාරගතව ගෙවිය යුතු අකුසල් මත්තේ හිලව් කර ගැනීමෙනි. නොමිනිහා කළ අකුසල් ලේ නෑකමට, ඥාතිකමට ඒ ඒ පවුල්වලට බැඳී ගෙවන ආකාරය අපි කොතරම් දැක ඇත්ද? මන්ත්රවලට හිරවී හා හිරකර ඇති ඇතැම් ඥාතිප්රේත ගොල්ල හා භූත පිරිස් ධර්මතාවලින් පිරිපුන් මිනිසුන්ට අකටයුතුකම් කරන්නේය. බුදුන් වහන්සේගේ හෙළ මහා රටට වින කළ යක්ෂ භූත කොටස් තවමත් නොනිවෙන කෝපයෙන් සිටින්නේද යන්න බොහෝ අය නොසිතති. නොදනිති. කුවේණියගේ වෛර බැඳගත් යක්ෂ පිරිස ගෝත්‍රිකයන්ම නම් නොවන්නේමය. එදා දේවාල හදා වැව් ගම් නියම්ගම් භාර කළා වූ ඒ ඒ තැන් අදටත් පාළු වී ගොඩගැනීමට බැරි තරමට අත්හැර දමා ඇද්ද? තටුවට, පිදේනියට මන්ත්‍රවලින් බාර දුන් හා බාර කළ ගම් නියම්ගම් අදටත් කොතරම් පාළු වී ඇත්ද?
මිහිඳු මාහිමියන්ගේ ආකල්පයෙන් බැහැර වී තිසරණය මඟහැර අපි හොඳින් සිටිතැයි කීවද ඔවුන්ට ඉපදීම හා මරණය හැර කිසිවක් නැත්තේමය. බුදුන් වහන්සේ තෙවරක් පැදකුණුකොට ජාතියට බාර දුන් හෙළ මහ රට අද නොමිනිහාගේ පාරාදීසයක් වී ඇත්තේම බුද්ධ ප්රමුඛ මහ සඟරුවනෙන් ඈත් වී දන්දීමයැයි සලකා දන්සල් දී ගොඩයවාලු නොමිනිසුන් කොතනද කොයිබද? ධර්මය අධර්මය කොට වාසියට සැපය හා සතුට සොයා යන ඇතැමුන්ගේ ක්‍රියා පිළිවෙත් නිසා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ, හැදූ සංස්කෘතියත් ගෙනා ශිල්පයත් ශාස්ත්රයත් නිවැරදි නියාමනයත් කොතරම් අසරණ වී ඇත්තේ දැයි අපි හොඳින් දන්නෙමු. බේරා ගන්නට රටක් නැතේ කියනවාට වඩා බේරාදුන් රටේ නොමිනිහා රජ නොවන්නට බුදුන් වහන්සේ රජ කරවන්නට දැන් ගන්නා උත්සාහය ප්‍රමාණවත් වේදැයි සැකයකි. මහා සඟ ගුණයම ගායනා කළ යුතුය. මහා සංඝයා විවේචනයෙන්ම ඈත් වී යුතුම හරි වැරැද්දම සොයා තමන් යන ගමන හරියට යන්නේ ද යන්න නිගමනයට තවමත් ප්‍රමාද නැත. සම්බුද්ධ ධර්මයම සම්භාෂණය කළ යුත්තේමය. සම්බුදු පිළිවෙතම සුරකින්නේ යැයි සිතා කළ යුත්ත කළ යුතුමය. එක රටක්, එක ජාතියක් ඇත්තේමය ශීලයේම පිහිටීම හැර දුසිල් බවින් රට හා ජාතියම දියව දිරා යන හැටි පෙන්නුම් කරන ආරම්භය දී ඇත. සදෙව් ලෝකවාසී දෙවියන් දෙව්ලොව තුෂ්නිම්භූතව සිටින්නේ ඇයි දැයි සොයන්නට වෙහෙස විය යුතු නැත. පංචශීල ප්‍රතිපදාවට එරෙහිව මිනිහා ඒකරාශීව රැස්වෙන තුරා, රටට ජාතියක් නැත. ජාතියට ආගමක් නැත. ආග මිනිසුන් නැත.
වෛද්‍ය සමරසේන ඩයස්
ආධ්‍යාත්මික උපදේශක, සාම විනිසුරු