චීනයෙන් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන සඳහා තීරු බදු ඉහළ නැංවීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා කොමිසම විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක ට අනුව දැනට පවතින 10% ක යුරෝපා සංගමයේ තීරුබදු මත 17.48% ක් සහ 38.10% ක් අතර අමතර තීරු බදු අය කිරීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. යුරෝපා සංගමය එම තීරණය ගෙන ඇත්තේ විද්‍යුත් වාහන නිෂ්පාදකයන් සඳහා චීන රජයේ සහයෝගය ලැබෙන බවට ලැබුණු විමර්ශන වාර්තාවකින් පසුව බව ද සඳහන් වේ. ලොව විශාලතම අපනයනය ආර්ථිකය වන චීනය මත යැපීම අවම කිරීම යුරෝපා සංගමයේ අරමුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ වාහන සඳහා ප්‍රධානතම ගැනුම්කරුවා යුරෝපය වන අතර, පසුගිය වසර වන විට යුරෝපයට භාණ්ඩ අපනයනය කරනු ලබන තුන්වැනි විශාලම රට බවට පත්ව සිටි චීනයෙන් එම වසරේදී යුරෝපා සංගමය විසින් ආනයනය කරනු ලැබූ විද්‍යුත් වාහන තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් බවත්, එය මීට වසර 4කට පෙර එනම් 2020 දී පැවැතියේ ඩොලර් බිලියන 1.6ක මට්ටමක බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.