Home » බ්‍රිතාන්‍යයට පලා ගිය සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව හොංකො ආරක්ෂක නීතිය ක්‍රියාත්මක වෙයි

බ්‍රිතාන්‍යයට පලා ගිය සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව හොංකො ආරක්ෂක නීතිය ක්‍රියාත්මක වෙයි

by gayan
June 22, 2024 1:00 am 0 comment

බ්‍රිතාන්‍යයට පලා ගොස් එහි පදිංචි වී සිටින හොංකොං පරිපාලනයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුරවැසියන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා එරට නව ආරක්ෂක නීතියේ බලතල භාවිත කරන බව හොංකොං ආරක්ෂක කාර්යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හොංකොං රාජ්‍යයෙන් පලා යෑමෙන් පසු එම සමාජ ක්‍රියාකාරීන් 6 දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය වසරේදී ඔවුන් අත්‍යවශ්‍ය පුද්ගලයන් ලෙස ද ලැයිස්තුගත කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ එම අපරාධකරුවන් බ්‍රිතාන්‍යයේ සැඟවී සිටින බවත්, ඔවුන් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන ක්‍රියාකාරකම්වල අඛණ්ඩව නිරතව සිටින බවත් නිවේදනයක් නිකුත් කරමින් හොංහොං ආරක්ෂක කාර්යාංශය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඔවුන් පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයන්ට හොංකොං ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT