ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පාකිස්තානයේ ආර්ථිකයට කෙටි කාලීන සහනයක් ලබා දිය හැකි වුවද, එරට ගැඹුරට මුල් බැස ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් යටිතල පහසුකම්, පාලනය සහ මූල්‍ය කළමනාකරණයේ යටින් පවතින අඩුපාඩු විසඳීම සඳහා පුළුල් ප්රතිසංස්කරණයක් අවශ්‍ය බව පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂකයකු වන ආචාර්ය සකරියා කරීම් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෑත කාලයේ පාකිස්තානයේ විදුලි බලය බිඳ වැටීම එරට ආර්ථික අර්බුදයේ බරපතළ තත්ත්වය පෙන්නුම් කළ එක් සිදුවීමක් බවත්, යටිතල පහසුකම් ක්‍රමානුකූලව සිදු නොවීම හේතුවෙන් එවැනි තත්ත්වයකට මුහුණ පෑමට පාකිස්තානයට සිදුවූ බවත් ආචාර්ය සකරියා කරීම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය ජනවාරි මාසයේදී සින්ද් ප්‍රාන්තයේ විදුලි බලාගාරයක සිදුවූ විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් පාකිස්තානයේ කෝටි දෙකකට වැඩි ජනතාවට පැය 24කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වූ බවත්, එහි ප්‍රතිඵලය ලෙස එරට රෙදිපිළි කර්මාන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 70ක පාඩුවක් විඳ දරා ගැනීමට සිදුවූ බවත් ආර්ථික විශ්ලේෂක ආචාර්ය සකරියා කරීම් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.