Home » ලොව වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවේ

ලොව වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවේ

ලෝක බැංකුව කියයි

by gayan
June 22, 2024 1:00 am 0 comment

ලොව විශාලතම ආර්ථිකයන්හි වේගයෙන්ම වර්ධනය වන රට බවට ඉන්දියාව පත්වන බවට ලෝක බැංකුව අනාවැකි පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2024-25 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6.6% කින් ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. ලෝක බැංකුවේ අනාවැකිය උපුටා දක්වමින් ගෝලීය ආර්ථීක අනාවැකි නමැති ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ආර්ථික වර්ධනයට හේතුව එරට ශක්තිමත් රාජ්‍ය ආයෝජනය සමඟ පෞද්ගලික ආයෝජන සහ පුද්ගල පරිභෝජනය ඉහළ යෑම බව ද වාර්තා වේ.

නිෂ්පාදනය සහ ඉදිකිරිම් ඇතුළුව ඉන්දියාවේ කාර්මික ක්‍රියාකාරකම්වල වර්ධනය සහ සේවා ක්‍රියාකාරකම් අපේක්ෂා නොකළ අයුරින් ශක්තිමත් වී ඇතැයි ද, පසුගිය මෝසම් වැසි හේතුවෙන් අර්ධ වශයෙන් සිදුවූ එරට කෘෂිකාර්මික නිෂ්පාදනයේ මන්දගාමී බව එමඟින් යටපත් වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්දියාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමඟ පරිභෝජන වර්ධනය ඉහළ ගොස් ඇති බවත්, යටිතල පහසුකම් ඇතුළු ආයෝජන ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුවේ අනාවැකි උපුටා දක්වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT