Home » ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක් ඛාන්

ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක් ඛාන්

by gayan
June 22, 2024 1:00 am 0 comment

ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කරනු ලැබූ නවතම ලැයිස්තුවට අනුව ඉන්දියාවේ ධනවත්ම නළුවා ලෙස ෂාරුක් ඛාන් පෙරමුණට පත් වී ඇතැයි වාර්තා වේ. පසුගියදා ෆෝබ්ස් සඟරාව නිකුත් කළ ඉහළම වැටුප් ලබන ඉන්දීය නළුවන් දසදෙනාගේ ලැයිස්තුවේ ෂාරුක් ඛාන් පළමු තැනට පත් වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 6300ක වත්කමකට හිමිකම් කියමිනි.

එම ලැයිස්තුවට අනුව සල්මාන් ඛාන්ට දෙවැනි තැන ලැබී ඇති අතර, ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 2900ක් බව ද වාර්තා වේ. මීට අමතරව ඉන්දීය රුපියල් කෝටි 2500ක වත්කමකට හිමිකම් කියන අක්ෂේ කුමාර් එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ පසුවන බවත්, රුපියල් කෝටි 1862ක වත්කමක් සහිත අමීර් ඛාන් සිව්වැනි ස්ථානයේ පසුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එම ලැයිස්තුවේ 6 වැනි තැන දමිළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත්ට හිමි වී ඇතැයි ද, ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 474ක් බව ද ෆෝබ්ස් ලැයිස්තුවේ සඳහන් වේ.

දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළුවකු බවට පත්වී සිටින ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ලොව පුරා ව්‍යාප්ත වී ඇති අතර, ඔහුගේ රංගනයෙන් වර්ණවත් වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් ආදායම් වාර්තා බිඳ දැමීමට ද සමත් වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT