Thursday, May 15, 2025
Home » සීනි ප්‍රවාහනය කළ ලොරියක් අනතුරක

සීනි ප්‍රවාහනය කළ ලොරියක් අනතුරක

by gayan
June 22, 2024 1:00 am 0 comment

වැල්ලවාය තණමල්විල මාර්ගයේ කිවුල්ආර නදීමාවත ප්‍රදේශයේ දී කොළඹ ප්‍රදේශයට සීනි ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරේදා (20) මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

ලොරි රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී පාර හරහා ගමන්කරමින් සිටි ගවයකු ලොරි රථයේ ගැටීම වැළැක්වීමට ගත් උත්සාහයේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ලොරි රථයේ තිබූ සීනි තොගය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කරන ලදි. වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT