එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව, වොෂින්ටන් ඩීසීහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී, එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (USTOA) සාමාජිකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙහි පිළිගැනීමේ කතාව කරමින් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින ශක්තිමත් මිතුදම පිළිබඳව අවධාරණය කළ අතර එක්සත් ජනපදය සහ 1948දී නිදහස් ලංකාව අතර විධිමත් ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සියවස් දෙකකට ඉහත සබඳතා පිළිබඳ සිහිපත් කළේය. සංචාරක ව්‍යාපාරය, අභ්‍යන්තර ප්‍රේෂණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මුලපිරීම් වැනි බොහෝ සාධක ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවයට දායක වී ඇති අතර එය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සංචාරකයන් පිළිගැනීමට සූදානම්ව සිටින බව ප්‍රකාශ කළ ඒ මහතා ශ්‍රී ලංකාව සිය ගනුදෙනුකරුවන්ට නිර්දේශ කරන ලෙස එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලාංකේය අද්විතීය දේශීය ආහාරවල සහ ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේවල රස බලන ලෙසත්, සෙසු ලෝකය සමඟ බෙදා ගැනීමට ඇති ආකර්ෂණීය විවිධත්වය ප්‍රදර්ශනය කරන බහුවිධ ශ්‍රී ලාංකේය සංස්කෘතික ප්‍රසංගය රසවිඳින ලෙසත් ඒ මහතා පැමිණි පිරිසට ආරාධනය කළේය.
එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ඩේල් සිය ප්‍රකාශයේදී මේ උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් තානාපතිවරයාට ස්තුතිය පුද කර සිටි අතර, එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර පමණක් නොව සිය ගනුදෙනුකරුවන් අතරද ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට තානාපති කාර්යාලය සමඟ එක් වන බවට සහතික වූයේය.
දූත මණ්ඩලයේ අමාත්‍ය (වාණිජ), චරිත යත්තගොඩ මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා එක්සත් ජනපද සංචාරකයන් අතර දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම ඉස්මතු කරමින්, රටේ පවතින සංචාරක අපේක්ෂා පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය. මීට අමතරව, එක්සත් ජනපද සංචාරකයන් සඳහා රට තුළ පවතින සංචාරක අවස්ථා සලසාගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව පහසුකම් සැලසිය හැකි බවත් ප්‍රකාශ කළේය.
ලොස් ඇන්ජලීස්හි අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනුග්‍රහයෙන් ලැබුණු, පෞරාණික සංස්කෘතික උරුමය, වනජීවී සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ලබාගත් ස්වභාව සෞන්දර්යය විදහා දැක්වෙන වර්ණවත් ඡායාරූප ප්‍රදර්ශනයක් මඟින් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන ප්‍රදර්ශනය කළ අතර, ත්‍රාසජනක සහ සුවතාවේ සිට වනජීවීන් දක්වා ශ්‍රී ලංකාව පුරා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉස්මතු කරමින් රමණීය වෙරළ තීර සහ හරිත කඳුකර භූ දර්ශන නිරූපණය කරන සංචාරක වීඩියෝ දර්ශන මේ උත්සවයේදී ප්‍රදර්ශනය කෙරිණි.
‘සිලෝන් බෙර’ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලාංකේය රිද්මයෙන් යුත් බෙර වාදන රැස්ව සිටි පිරිස ප්‍රීතිමත් කළේය. ලංකා මුදන්නායක මහත්මියගේ ‘ලංකා ඩාන්ස් ඇකඩමියේ’ සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගයන් පැමිණ සිටි පිරිසගේ සිත් ඇදබැඳගත් තිබෙන අතර, ශ්‍රී ලංකාවේ වටිනා සංස්කෘතික උරුම නිරූපණය කරන උඩරට සහ පහතරට යන දෙඅංශයෙන්ම නැටුම් ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ විචිත්‍රවත් බව නිරූපණය කරමින් අචිලා පෙරේරා විසින් දකුණේ සම්ප්‍රදායික නැටුම් සමඟ දෙමළ ප්‍රජාවගේ සංස්කෘතිය නිරූපණය කරන භරතනාට්‍යම් නර්තනයන් ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලාංකීය කීර්තිමත් අවන්හලක් වන ‘සීගිරි’ විසින් සකස් කරන ලද ලංකා කුළුබඩුවල රසයන්ගෙන් පිරි ශ්‍රී ලාංකේය ආහාරපානවලින් සමන්විත ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක් සහභාගි වූවන්ට පිළිගැන්වුණු අතර, එවේලේ සකස් කරන ලද රසවත් ආප්ප සහ කොත්තුද ආරාධිතයන්ට පිළිගැන්විණි. Basilur (Sri Lanka) සහ QTrade Teas & Herbs (California, USA) විසින් අනුග්‍රහය දක්වන ලද නැවුම් ලෙස පෙරන ලද උණුසුම් හා අයිස් කළ ලංකා තේ වර්ගවල විවිධ රස විඳීමට අමුත්තන්ට අවස්ථාව සලසා දීමට තානාපති කාර්යාලය කටයුතු යොදා තිබිණ. මේ උත්සවයට අදාළ සියලු වියදම් දරන ලද්දේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි.
එක්සත් ජනපද සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා පිළිබඳව තේරී පත් වූ එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයන් සහ සෙනෙට් සභිකයන්ට බලපෑම් කිරීමට වොෂින්ටන් ඩීසී වෙත රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි USTOA සාමාජිකයන්ගේ 12 වැනි USTOA කොන්ග්‍රස් සංසදයට සමගාමිව මේ පිළිගැනීමේ උත්සවය පැවැති අතර, USTOA සාමාජිකයන් අතර රට පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කරමින් මේ උත්සවය ඉතා සාර්ථකව අවසන් විය.
USTOA යනු එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගේ සමස්ත අවශ්‍යතා නියෝජනය කරමින් සංචාරක කර්මාන්තය තුළ අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ ඇතිව 1972දී ආරම්භ කරන ලද වෘත්තීය, ස්වේච්ඡා වෙළෙඳ සංගමයක් වන අතර, එය 1975දී නිව්යෝර්ක්හි මූලස්ථානය පිහිටුවාගනිමින් ජාතික සංවිධානයක් බවට පත් විය. USTOAහි දැනට ආයතනික සාමාජිකයන් 49ක් සහ සහකාර සාමාජිකයන් 765ක් සිටින අතර, එය එක්සත් ජනපද සංචාරක ක්‍රියාකරුවන්ගේ සන්නාම 143ක් නියෝජනය කරයි.