කොරියානු ජනරජයේ මූල්‍ය සහ තාක්ෂණික සහය ඇතිව ක්‍රියාත්මක වන පාවෙන සූර්ය බලාගාර නියමු ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් මේ වන විට සාර්ථක ලෙස අවසන් අදියරේ පවතී.
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සහ සෙවණගල කිරිඉබ්බන් වැව ආශ්‍රිතව මෙගාවොට් එක බැගින් වූ මේ ව්‍යාපෘති කොරියානු වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශයේ තාක්‍ෂණ ප්‍රවර්ධනය සඳහා වූ කොරියානු ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත, Yooshing Engineering (Pvt) Ltd, Bosung Powertec Co Ltd සහ Scotra Company Ltd හි තාක්ෂණික සහය ඇතිව මේවායෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් තිබේ.
මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සදහා දායක වෙමින් පසුගිය වසරේදී (2023) මේ පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති ආරම්භ වූ අතර, මේ වසරේ ජූලි මස වන විට ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
නෙත්මි පූජනී රත්නායක