Home » විදේශ රැකියා වංචා වැටලීම් පුළුල් කළා

විදේශ රැකියා වංචා වැටලීම් පුළුල් කළා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by gayan
June 22, 2024 1:00 am 0 comment

විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් දිනෙන් දින ලැබෙන පැමිණිලි සංඛාව ඉහළ යෑම හේතුවෙන් වැටලීම් පුළුල් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. මේ සම්බන්ධ ඇති පැමිණිලි බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව හාලිඇළ, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාල විසින්ද භාර ගන්නා බවද කාර්යංශය සඳහන් ප්‍රකාශ කළේය.

වසරේ ගත වූ කාල සීමාව ඇතුළත විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,155ක් බවද කාර්යාංශය වැඩි රටත් පැවසීය. සිදු කළ වැටලීම්වලින් පසු නීති විරෝධි රැකියා නියෝජිතායතන 11ක් හා සැකකරුවන් 65 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, වසරේ ගත වූ කාල සීමාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලද පැමිණිලි මත වින්දිතයන්ගෙන් රුපියල් කෝටි 6ක් අය කරගෙන ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

විදෙස් රැකියා වංචාවල නිරත වන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864241 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දී සිටී.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT