සබරගමු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස්වරියක විසින් රාජකාරියක් සිදු කරමින් සිටියදී රුවන්වැල්ල ස්ථානභාර පරිවාස නිලධාරිනියකට පහර දීමක් සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රුවන්වැල්ල පරිවාස කාර්යාලයට පැමිණ රාජකාරියක් සිදු කරමින් සිටියදී සබරගමුව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස්වරිය එම පහරදීම සිදු කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මේ විමර්ශන ආරම්භ කළ බව රුවන්වැල්ල පොලිසිය පවසයි.
මේ පහර දීමෙන් අනතුරුව පහරකෑමකට ලක්ව ඇති බව කියන රුවන්වැල්ල ස්ථානභාර පරිවාස නිලධාරිනි රේණුකා සමරතුංග මහත්මිය මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පැවසීය. මෙලෙස පහර දී ඇත්තේ සබරගමුව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් ලක්මාල් යූ. කුමාරි යන අය විසිනි. මේ පහර දීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පියනන්දන මහතා සබරගමු පළාත් ප්රධාන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර ඇත.
සුභාෂිණී සේනානායක