Thursday, May 15, 2025
Home » සිර දඬුවම් විඳි 289ක් පොසොන් පෝ දා නිදහස ලබා පිටව යති

සිර දඬුවම් විඳි 289ක් පොසොන් පෝ දා නිදහස ලබා පිටව යති

by gayan
June 22, 2024 1:00 am 0 comment

මෙවර පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 289 දෙනකුට ජනාධීපති විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇත. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට මේ විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇත.

බන්ධනාගාරගතව දඬුවම් විඳිමින් සිරකරුවන් ගත කළ වසරකට හෝ සති 1ක සමාවක් සහ දඩ මුදල් නොගෙවීම හේතුවෙන් සිරදඬුවම් විඳින කාලය අහෝසි කිරීම යටතේ මේ සිරකරුවන් නිදහස ලැබූ අතර, මෙයින් 6 දෙනෙක් කාන්තාවෝය.

මේ අතුරින් වැඩිම සිරකරුවන් පිරිසක් නිදහස ලබා ඇත්තේ මහර සහ වාරියපොළ බන්ධනාගාරයන්ගෙනි. එම බන්ධනාගාරවල සිරකරුවන් 30 බැගින් නිදහස ලබා ඊයේ (21) පිටව ගොස් ඇත. මේ අතර කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් 28ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 19ක් වශයෙන් මෙරට සෑම බන්ධනාගාරයකින්ම සිරකරුවන් නිදහස ලබා තිබේ.

බුද්ධිකා ඉඹුලාන, කුරුණෑගල – කුමාරි දිසානයක, ලූණම සමුහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT