Saturday, May 17, 2025
Home » යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

by gayan
June 22, 2024 1:00 am 0 comment

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතා පත් කර තිබේ. මේ පත්වීම පෙරේදා (20) සිට බලපැවැත්වෙන පරිදි සිදු කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මේජර් ජෙනරාල් අලුවිහාරේ ඉකුත් තිස්වසරක යුද සමයේ ඊට ඍජු නායකත්වය හා මඟපෙන්වීම ලබාදෙමින් රාජකාරි ඉටු කළ විශිෂ්ට හමුදා නිලධාරියෙකි. 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලද ඔහු ඉන්දීය යුද හමුදා විද්‍යා පීඨයෙන්ද පුහුණුව 1990 ඔක්තෝබර් 5 දා දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්ව විජයබාහු පාබළ රෙජිමේන්තුවට ඇතුළත් වී ඇත. අධිකාරියට පත් වීමෙන් පසු පාබළ නිලධාරියකු වශයෙන් තනතුරු රැසක් හොබවමින් 5 වැනි විජයබාහු පාබළ රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරියකු, බුද්ධි නිලධාරි හා කණ්ඩායම් භාර අණ දෙන නිලධාරි ලෙසත් 7 වැනි විජයබාහු පාබළ රෙජිමේන්තුවේ දෙවැනි අණ දෙන නිලධාරි, 4 වැනි විජයබාහු පාබළ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි, 222 පාබළ බළ සේනාවේ බළසේනා මේජර්, විජයබාහු පාබළ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි සහ මානි 1 වශයෙන් ද, යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රමානි 1 සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙසද, 571 හා 553 පාබළ බලසේනා මූලස්ථානයන්හි බළසේනාධිපති ලෙසද, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික නිලධාරියකු වශයෙන්ද මාණ්ඩලික තනතුරුවල රාජකාරි සිදු කර තිබෙන අතර, යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක වශයෙන් පත් වීමට ප්‍රථම ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ මූලික මාණ්ඩලික නිලධාරි, 58 හා 11 පාබළ සේනාංකවල සේනාංකාධිපති තනතුරුද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාණ්ඩලික ප්‍රධාන හා මාණ්ඩලික ප්‍රධානි තනතුරද හොබවා ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT