Thursday, May 15, 2025
Home » කල්මඩු රක්ෂිතයෙන් කැපූ ලක්ෂ 20ක බුරුත දැව සමඟ සැකකරුවෙක් දැලේ

කල්මඩු රක්ෂිතයෙන් කැපූ ලක්ෂ 20ක බුරුත දැව සමඟ සැකකරුවෙක් දැලේ

by gayan
June 22, 2024 1:00 am 0 comment

වවුනියාව මහරම්බකුලම ප්‍රදේශයේ කැළෑවක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ලී ඉරීමේ ජාවාරමක් කොටු කරගත් වවුනියාව පොලිසියේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ විස්සක ඉරූ දැව හා බුරුත කොට 23ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (20) හැකි වී තිබේ.

පොලිසිය අදාළ ස්ථානයට යන විට සෙසු සැකකරුවන් පලා ගොස් තිබේ. පොලිසියට මෙම දැව ඉරීමේ මධ්‍යස්ථානය පිළිබඳව මීට ඉහතදී ද තොරතුරු ලැබී එම ප්‍රදේශය වටලනු ලැබූවත් ඝන කැළෑව මැද පවත්වා ගෙන ගිය මෙම ලී ඉරීමේ ස්ථානය සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

වවුනියාවේ කල්මඩු රක්ෂිත වනයේ එක් කෙළවරක් වන මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි මහ කැළය තුළ වසර ගණනාවක් තිස්සේ වැඩුණු රූස්ස මෙන්ම දැවැන්ත බුරුත ගස් විශාල ප්‍රමාණයක් තිබීම නිසා දැව ජාවාරම්කරුවන් මේ ප්‍රදේශයට නිතර නිතර ඇතුළු වී අනවසරයෙන් දැව කැපීමට පටන්ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT