පොසොන් පොහොයට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි බැතිමතුන්ගේ වාහන (ත්රිරෝද, කාර්, වෑන් සහ යතුරුපැදි) සෝදා පිරිසිදු කර දීමේ වැඩ සටහනක් අනුරාධපුර ශ්රාවස්තිපුරදී පසුගිය 20 වැනිදා දවස පුරා නාච්චාදූව පෙර පාසල් ගුරුතුමීන්ගේ දෑතින් සිදු කිරීම දක්නට ලැබුණි.
මෙහිදී බැතිමතුන්ගේ වාහන සෝදා පිරිසිදු කර දීමෙන් අනතුරුව බොහෝ බැතිමතුන් ගුරුතුමියන් වෙත ඔවුන් කළ කාර්ය අගය කරමින් මුදල් ආධාර කිරීම්ද සිදු කළහ. මෙම අවස්ථාවට පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ සංවර්ධන නිලධාරීනී මංජුලා ජයසුන්දර, නාච්චාදූව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීනී රුවන්ති ජයසූරිය මහත්මිය ඇතුළු නාච්චාදූව පෙර පාසල් ගුරු සංසදයේ ගුරුතුමියන් 45ක් පමණ සහභාගී වෙමින් මෙම කටයුත්ත සිදු කළාය.
car wosh
හිඳෝගම සමූහ – චිත්රාරත්න කළුආරච්චි