Saturday, May 17, 2025
Home » දිය මත ඉදි කළ සිළුමිණි සෑය බෝට්ටුවෙන් ගිහින් වඳින්න අවස්ථාව

දිය මත ඉදි කළ සිළුමිණි සෑය බෝට්ටුවෙන් ගිහින් වඳින්න අවස්ථාව

by gayan
June 22, 2024 1:00 am 0 comment

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් එප්පාවල, කැලේසියඹලෑව වැවෙහි දිය මත ඉදිකළ අසිරිමත් සිළුමිණි සෑය බෝට්ටුවෙන් ගොස් වන්දනා මාන කිරීමට හෙට (23) දක්වා අවස්ථාව ඇත.

එප්පාවල, ඇඳගල කැළේ සියඹලෑව ශ්‍රී ආනන්දෝදය මහා පිරිවෙනෙහි සුදර්ශනාරාමයේ විහාරාධිකාරී කැලේසියඹලෑව නන්ද හිමියන්ගේ ආශිර්වාද මත එම විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර එකතු කර ගැනීමේ අරමුණ ද පෙරදැරිව විහාරස්ථ දායක සභාව හා ප්‍රදේශයේ තරුණ ප්‍රජාව එක්ව කැලේසියඹලෑව වැව කේන්ද්‍රකර ගනිමින් මෙම සිළුමිණි සෑය ඉදිකර තිබේ. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය ඇතුළු පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් දිය මත ඉදි කළ මෙම සෑයද වන්දනා මාන කිරීමට අවස්ථාව උදා කර දී ඇත.

වැව් බැම්ම මත සිට මීටර 800ක් පමණ දුර ගෙවා වැවේ කෙළවර යකඩ බට 400ක් පමණ යොදා ඉදිකළ පාදමක් මත මෙම චෛත්‍යය අනුරුව ඉදිකර ඇත. එම ස්ථානයට බෝට්ටුවෙන් ගමන් කර සෑය වන්දනා කර නැවත පැමිණීමට බැතිමතුන්ට අවස්ථාව උදාකර දී ඇත.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT