Home » බංග්ලාදේශයේ සර්ප බියක්

බංග්ලාදේශයේ සර්ප බියක්

by chanaka
June 23, 2024 10:31 am 0 comment

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි .

මේ තත්වය හමුවේ එරට සියලුම රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාවල විෂනාශක ද්‍රව්‍ය ගබඩා කරන ලෙස බලධාරීන් විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

එසේම සර්ප දෂ්ඨන සිදු වූ වහාම රෝගියා රෝහල් ගත කර ලෙස බලධාරින් විසින් මහජනතාව ද දැනුවත් කර ඇත.

මේ අතර එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, දකුණු ආසියාවේ දක්නට ලැබෙන රසල් පොළගුන්ගේ දෂ්ඨන ඉහළ ගොස් ඇති බවයි.

මෙම සර්ප විශේෂය බොහෝ විට නිවෙස් ජනවාස හා ගොවි බිම් ආශ්‍රිතව දක්නට ලැබේ.

පසුගිය වසරේදී පමණක් බංග්ලාදේශයේ සර්ප දෂ්ඨන හේතුවෙන් පුද්ගලයින් 7000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

2002 වසරේදී රසල් පොළගුන් බංග්ලාදේශයේ වඳවී ගොස් ඇති බවට නිවේදනය කළ නමුත් නැවතත් ඔවුන්ගේ සීඝ්‍ර වර්ධයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT