Home » සංක්‍රමණය සඳහාවන ජාත්‍යන්තර සංවිධානය සමඟ සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීමට අවධානය

සංක්‍රමණය සඳහාවන ජාත්‍යන්තර සංවිධානය සමඟ සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීමට අවධානය

by chanaka
June 23, 2024 10:38 am 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ (IOM) සංවිධානය අතර සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීම පිළිබද අවධානය යොමු කෙරේ.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහිපාල මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රධානී සරත් ධාෂ් මහතා අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.

මෙම හමුවට IOM හි ආසියා පැසිෆික් කලාපයේ සංක්‍රමණ සෞඛ්‍ය අංශයේ (MDH) ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය සෞඛ්‍ය තක්සේරු වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය Predrag Bajcevic මහතා සහ IOM ශ්‍රී ලංකා හි ප්‍රධාන සංක්‍රමණ සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Simeonette De Asis මහත්මිය ද සහභාගී වූහ.

මෙම හමුවේ දී මුලික වශයෙන් IOM සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින වත්මන් සහයෝගීතාවය හා එය වැඩිදියුණු කරගන්නා ආකාරය පිලිබදව සාකච්ඡා කරන ලද අතර, ධාෂ් මහතා නිල වශයෙන් තමන් තනතුරෙන් විශ්‍රාම ගන්නා බවත්, නව දූත මණ්ඩල ප්‍රධානියෙකු ලගදීම වැඩ භාරගන්නා බවත් දන්වා සිටින ලදී.

තවද මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සංක්‍රමණ සෞඛ්‍ය ඇගයීම් වැඩසටහන් ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් සහ සංක්‍රමණ සෞඛ්‍යය සම්බන්ධව දැනට පවතින සහයෝගීතා ක්‍රියාකාරකම් පිළිබඳව සැකෙවින් සාකච්ඡා කරන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT