Home » චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමතිවරයා හමුවෙයි

චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමතිවරයා හමුවෙයි

by chanaka
June 23, 2024 10:41 am 0 comment

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing මහතා ඇතුළු නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.

ශ්‍රීලංකාවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස ප්‍රශංසාව පළකරන ලදී.

ඉදිරියේදී පරිගණක අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකි බැවින් කලාපීය රටවල් රැසක මේ වනවිට අවධානය යොමුවී ඇති බවත් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද චීන නියෝජිත පිරිස පෙන්වා දෙනු ලැබීය.

තාක්ෂණය,දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා වැඩසටහන් සිදුකීරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරියේදී චීනයේ සිචුආන් පළාතේ පැවැත්වීමට නියමිත පොලිස් සමුළුව සඳහා අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසකට ඊට සහභාගී වන ලෙස ආරාධනයක්ද කරනු ලැබිණි.

මෙම අවස්ථාවට සිචුආන් පළාතේ ලෙෂාන් නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක DENG Hua මහතා සහ සියෑං නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක ZHENG Xiaoqing මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන්ද එක්ව සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT