Home » බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

by chanaka
June 23, 2024 11:05 am 0 comment

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කරයි.

පසුගිය සිකුරාදා දිනයේදී තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදීමෙන් අභියාචනා කොමිසම මෙම තීන්දුව ලබා දී තිබේ.

LTTE හිතවාදී සංවිධානයක් වන TGTE නමින් හැඳින්වෙන දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය මෙහිදී ඉල්ලීම් කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී නොවන මාධ්‍යයන් හරහා තම දේශපාලන සහ මතවාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බැවින් LTTE සංවිධානයට එක්සත් රාජධානිය තුළ ඇති තහනම ඉවත් කරන ලෙසයි.

TGTE යනු ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය පළ කරන සංවිධානයක් බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT