Home » බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටී කාන්තාවක් මරුට -10කට තුවාල

බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටී කාන්තාවක් මරුට -10කට තුවාල

by chanaka
June 23, 2024 10:26 am 0 comment

හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථය, ඊට ඉදිරියෙන් ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස ගැටී මෙම අනතුර සිදුවූ අතර අනතුරින් තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

පහළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක් අනතුරින් මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT