Thursday, May 15, 2025
Home » නොනවත්වා ධාවනය කළ බුරුත ලොරියට වෙඩි සැකකරුවෝ ලොරිය දමා කැලයට පනිති

නොනවත්වා ධාවනය කළ බුරුත ලොරියට වෙඩි සැකකරුවෝ ලොරිය දමා කැලයට පනිති

by sachintha
June 26, 2024 1:53 am 0 comment

 

රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා බුරුත දැව තොගයක් පටවාගත් වාහනයකට වවුනියාව පොලිසියේ නිලධාරීන් වෙඩි තබද්දී සැකකරුවන් පිරිස වාහනය දමා පෙරේදා (24) සවස පලා ගොස් තිබේ.

වවුනියාවේ, පාලමෝඩ්ඩේ සිට වාහනයකින් අනවසර බුරුත දැව තොගයක් ප්‍රවාහනය කරන බවට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති සාමාන්ත විජේසේකර මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු විසින් පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයට යවා තිබේ.

බුරුත දැව පටවා ගෙන පැමිණි වාහනය පොලිස් නිලධාරීන් දැක එහි සිටි එක් නිලධාරියෙකුද යටකරගෙන පලායාමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වාහනයට වෙඩි තබා ඇත.

එක දිගටම වාහනයට වෙඩි වාර පහක් එල්ල කිරීමෙන් පසුව වාහනයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වාහනය දමා කැලයට පැන පලාගොස් තිබේ.

මෙම බුරුත දැව තොගය වවුනියාවේ කල්මඩු රක්ෂිත වනයෙන් කපාගෙන ඕමන්ත හරහා වවුනියාවේ දැව මඩුවක් වෙත රැගෙන යමින් සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

දැව තොගය සමඟ වාහනය අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT