Home » අරන්දර නව ආදර්ශ කනිෂ්ඨ විදුහලට වොලිබෝල් ජයක්

අරන්දර නව ආදර්ශ කනිෂ්ඨ විදුහලට වොලිබෝල් ජයක්

by sachintha
June 26, 2024 1:59 am 0 comment

ගලිගමුව අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා තරග 2024 තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ බාලක වොලිබෝල් ප්‍රථම ස්ථානය ගලිගමුව අරන්දර නව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇතැයි විදුහල්පති අසෝක ජයවර්ධන මහතා පැවසීය.

මෙම තරග ඉකුත් දා ගලිගමුව ජාතික පාසලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

16 පහළ කණ්ඩායම් නායක ඊ.පී. සඳුන් දිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් විසින් 16න් පහළ බාලක ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබේ.

කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනි ඉද්දමල්ගොඩ ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ජී.ඩී. ප්‍රියන්ති, ගලිගමුව ක්‍රීඩා උපදේශක කේ.ඒ.සී. දිසානායක මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරිණ.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT