Saturday, May 10, 2025
Home » ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ

ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ

by chanaka
June 27, 2024 3:58 pm 0 comment

crime news Srilanka

ඇහැලියගොඩ – ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය සදහන් කරයි.

පොලිසිය පවසන්නේ, එම නිවසේ සිටි පිරිමි පුද්ගලයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔහුද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කල බවය.

එම අඹු සැමියන් දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින බවත් එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම අඹුසැමි දෙපළ අදාල නිවසේ පදිංචිව සිට ඇති බවත්, දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඇහැලියගොඩ, ඈරෑපොළ, නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවකි.

එමෙන්ම එම නිවසේම පදිංචි ඇගේ ස්වාමි පුරුෂයා වන වයස අවුරුදු 76ක් වු විශ්‍රාමික යුධහමුදා නිලධාරියාද එම නිවසේ නානකාමරය අසල අයුධයකින් කපා තුවාල සිදුකර අතපය ගැටගසා සිටි බවද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT