ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීමට හැකි වීම හා බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරපු රටක් විදිහට ඉතාමත් කෙටි කාලයක් තුළ ඉන් මිදීම අප රටක් විදිහට ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) පැවැසීය.
අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කරන ලද සැලසුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එතුමාගේ කාර්යාලයේදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.
තවද,මූල්‍ය විනය,දේශපාලන ස්ථාවරත්වය,නීතියේ ආධිපත්‍යය,ජාතික ආරක්ෂාව,මූල්‍ය කළමනාකරණය හා නිර්භීත එඩිතර නායකත්වය යන සාධක මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමේ සටනේ ප්‍රධාන සාධක වූ බවත්, ඉදිරියේදී කවුරු රට පාලනය කළත් බාධාවකින් තොරව රට ගොඩනැගීමේ ක්‍රියාව සඳහා මෙම ජයග්‍රහණය පිටුවහලක් වන බවද පැවැසීය
විදේශ ආයෝජකයන්,විදේශ රාජ්‍යයන් වෙත විශ්වාසයක් ඇති කිරීමට මෙමගින් හැකි වූ අතර,මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා විදේශ ආයෝජනයන් සඳහා අවස්ථාවන් විවෘත වී ඇති බවත්, රට තුල ව්‍යාපාර අවස්ථාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මහා පරිමාණ ව්‍යාපෘතීන් නැවත ආරම්භ කිරීමට රජයට අවකාශයන් ලැබී ඇති බවත්, මෙමගින් සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට මෙහි ප්‍රතිලාභයන් උරුම වන බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේය
එනමුත් රටක් වශයෙන් අප මුහුණ දී ඇති අභියෝගයන් නිවැරදි ලෙස අවබෝධ කර නොගත් ඇතැම් පිරිස්, ජනතාව නොමග යැවීමට උත්සහ කරන බවත්,ඒ පිළිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් කටයුතු කිරීම සුදුසු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.