ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අයත් කෝටි පහකට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනකු වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල දී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ මට්ටක්කුලිය, බූස්ස, වත්තල හා හික්කඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 33ත් 48ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.
පොලිස් විශේෂ කාර්ය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම සිදු කර තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කරන්දෙණිය සුද්දා හා කුඩු රොෂාන් යන අය විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට ගෙන්වා ඇති කිලෝ 3 ග්‍රෑම් 492ක් වන මේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් ප්‍රයෝජනයට ගෙන ඇති අතර වත්තල හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීම් තුනක් ලෙස මේ වැටලීම කර තිබේ. සැකකරුවන් සමඟ ජංගම දුරකතන දෙකක් ද එම වාහන ද පොලිස් භාරයට ගෙන තිබේ.
දීර්ඝ කාලයක සිට කරන්දෙණිය සුද්දා හා කුඩු රොෂාන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සැකකරුවන් විසින් බෙදා හරින බවට කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතුවලට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ. විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්.කේ. විජේසිංහ, සහකාර පොලිස් අධිකාරී (බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහත්වරුන්ගේ අධීක්ෂණය මත මේ වැටලීම සිදු කර තිබේ.