Home » ජෙරොම් රස පරීක්ෂක හමුවේ පෙනී සිටියි

ජෙරොම් රස පරීක්ෂක හමුවේ පෙනී සිටියි

by mahesh
June 28, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට චෝදනා ලැබූ ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිටියේය.

ඊයේ පෙරවරු 10ට පමණ එහි පැමිණි දේවගැතිවරයා මිනිත්තු 45ක් පමණ රැඳී සිට ඉන් පිටව ගියේය.

දේවගැතිවරයාට හඬ සාම්පල ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (26) නියෝග කළ අතර ඒ අනුව ඔහු මෙසේ පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT