Home » බුත්තල-කතරගම පාරේදී වන අලින්ට කෑම දුන්නොත් වැඩ වරදී

බුත්තල-කතරගම පාරේදී වන අලින්ට කෑම දුන්නොත් වැඩ වරදී

by gayan
June 28, 2024 11:57 pm 0 comment

බුත්තල කතරගම මාර්ගයේදී වන අලින්ට කෑම දෙන රථවාහන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙමින් පවතී.

මෙම හේතූන් මුල්කොටගෙන අ‍ෙමරිකාවේ Serendipity Wildlife Foundation ආයතනය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව වන අලින් සඳහා කෑම ලබාදීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා ලබා දීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාවට නංවා තිබේ.

අ‍ෙමරිකාවේ වනජීවී විද්‍යාඥ සියා භාග්‍යන් (ඉන්දීය ජාතික) සංවිධානයේ සභාපති රවී පෙරේරා, ඉන්දියාවේ වනජීවී පරීක්ෂක දිලීප් කුමාර් යන මහතුන් හා ගල්ගේ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජේ.කේ. හේරත් යන මහතුන් එක්ව බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන රියැදුරන් දැනුම්වත් කර වන අලින්ගෙන් සිදුවන අනතුරු වළක්වා ගන්නා ලෙස ඉල්ලීම් කරති.

ආහාර ද්‍රව්‍ය කෑමට හුරුවී සිටින අලින් 06 දෙනකු පමණ බුත්තල කතරගම මාර්ගයේ සිටිමින් යන එන රථ වාහන නවතා ආහාර ඉල්ලීම සිදු කරති. මාර්ගය හරස් කිරීම මත වාහන පෙරැළීම ද අලින් රථ වාහන වෙත පහරදීම් නිතර සිදුවේ.

යාල අංක 02 කලාපයට අයත් මෙම ප්‍රදේශය හරහා බුත්තල කතරගම මාර්ගය පවතී.

අත්පත්‍රිකා මඟීන් ජනතාව දැනුම්වත් කිරීමෙන් පසුව ආහාර ද්‍රව්‍ය අලින් වෙත ලබා දෙන රියැදුරන් හට නීතිය මඟින් ක්‍රියා කිරීමට වනජීවී නිලධාරින් පියවර ගැනීමට නියමිතය.

කතරගම – කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT