‘Denary Odyssey’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙම මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ හැරල්ඩ් පීරිස් පරිශයේ පැවැත්වෙන අතර එහි විවෘත කිරීමේ උත්සවය එළැඹෙන 28 වැනි දින සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වාත්, මහජන ප්‍රදර්ශනය එළැඹෙන 29 සහ 30 යන දෙදින පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වාත් පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වන නාමල් කුමාර, ඩිමාල්, චන්දන ගුණතිලක හා අනූප පෙරේරා, කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ශාස්ත්‍රපති උපාධි අපේක්ෂක ශානක කුලතුංග, යාන්ත්‍රික ඉංජිනේරුවකු මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් සිටින ගයාන් හේමරත්න, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා දැනට කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කලා ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින කවීෂ්වර ජයසේකර, කොළඹ ශ්‍රද්ධා කලා නිකේතනයේ ලලිත කලා ඩිප්ලෝමාධාරී රසික ද සිල්වා, සහකාර කථිකාචාර්ය මන්දිරා රණතුංග, ඩිජිටල් කලාකරුවකු වන භානි මනෝහංස යන සමකාලීන ශ්‍රී ලාංකේය කලාකරුවන් දස දෙනාගේ සහයෝගීතාවයෙන් යුතු සාමූහික ප්‍රයත්නයකි.
‘Denary Odyssey’ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සමූහ කලා ප්‍රදර්ශන ඉතිහාසයේ නව පරිචයක් වනු ඇත. ලාංකේය සමකාලීන කලාකරුවන් දසදෙනකුගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කරමින් විචිත්‍රවත් සහ සජීවී කලාත්මක පරිසරයක් තුළ පැවැත්වෙන මෙම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයට සහභාගී වී අදහස් සහ යෝජනා බෙදා ගැනීමට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය සියලු දෙනාට ඇරයුම් කර සිටී.