Home » රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ජයවර්ධනපුර සී. එම්. එස්. විද්‍යාලයට පොත් පරිත්‍යාගයක්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ජයවර්ධනපුර සී. එම්. එස්. විද්‍යාලයට පොත් පරිත්‍යාගයක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ- රෙක්සි වෙත්තසිංහ
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින්, විදුහල්පතිවරයාට පොත් පරිත්‍යාග කරන අයුරු.

ශ්‍රී ජයවර්ධනපුර සී. එම්. එස්. විද්‍යාලයේ විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ ඉල්ලීම මත, විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා, අවශ්‍ය වටිනා පොත් තොගයක් පරිත්‍යාග කිරීම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (27) දින පානළුව එම සංස්ථා පරිශ්‍රයේදී සිදු කෙරුණි.

විදුහලේ 1,2,4,5,6,7,8,10, සහ 11 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය රුපියල් 1,25,000 ක් පමණ වටිනා, පරිසරය, විද්‍යාව, ගණිතය, සිංහල භාෂාව, සාහිත්‍යය, ශිෂ්‍යත්ව පෙර පුහුණු පොත් සහ අභ්‍යාස පොත් විධිමත් සැලැස්මක් යටතේ ලබාදීම සඳහා, එහි සහකාර කළමනාකාර අසංක රාජසූරිය මහතාගේ මැදිහත්වීම මත, පරිත්‍යාග කිරීම සභාපති නිමල් ධර්මරත්න මහතා විසින් මෙලෙස සිදුකෙරුණි.

එම අවස්ථාවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර සී.එම්. එස්. විද්‍යාලයේ විදුහල්පති ගාමිණි හෙට්ටිආරච්චි, සහකාර කළමනාකාර අසංක රාජගුරු යන මහත්වරුන්ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT