Home » ජනපතිගේ එඩිතර නායකත්වයෙන් කෙටි කලකින් ආර්ථික අර්බුදයෙන් අපට ගොඩ එන්න හැකි වුණා

ජනපතිගේ එඩිතර නායකත්වයෙන් කෙටි කලකින් ආර්ථික අර්බුදයෙන් අපට ගොඩ එන්න හැකි වුණා

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර

by gayan
June 29, 2024 1:00 am 0 comment

ජනපතිගේ එඩිතර නායකත්වය නිසා ඉතා කෙටි කාලයකින් මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වුණු බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීමට හැකිවීම හා බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ රටක් විදිහට ඉතාමත් කෙටි කාලයකින් ඉන් මිදීම අප රටක් විදිහට ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. ජනාධිපති ප්‍රමුඛ රජය විසින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ක්‍රියාත්මක කරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරේදා (27) ඒ මහතාගේ කාර්යාලයේදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ඉදිරියේදී කවුරු රට පාලනය කළත් බාධාවකින් තොරව රට ගොඩනැඟීමේ ක්‍රියාවට මේ ජයග්‍රහණය පිටිවහලක් වන බව ද ප්‍රකාශ කළේය.

විදේශ ආයෝජකයන්, විදේශ රාජ්‍යයන් වෙත විශ්වාසයක් ඇති කිරීමට මෙමඟින් හැකි වූ අතර මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදේශ ආයෝජන සඳහා අවස්ථා විවෘත වී ඇති බවත්, රටේ ව්‍යාපාර අවස්ථා වැඩිදියුණු කිරීමේ අරමුණින් මහා පරිමාණ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජයට අවකාශ ලැබී ඇති බවත් මෙමඟින් සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට මෙහි ප්‍රතිලාභ උරුම වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එනමුත් රටක් වශයෙන් අප මුහුණ දී ඇති අභියෝග නිවැරදි ලෙස අවබෝධ කර නොගත් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවත්, ඒ පිළිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් කටයුතු කිරීම සුදුසු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT