Home » මහකුඹුක්කඩවලට අලි කරදර වැඩි වී ඇතැයි පොලිසිය කියයි

මහකුඹුක්කඩවලට අලි කරදර වැඩි වී ඇතැයි පොලිසිය කියයි

by gayan
June 29, 2024 1:00 am 0 comment

වන අලි රංචුවක් පසුගිය 28 වැනිදා අලුයම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැඟිලිවලට හානි කර අසල පිහිටි වෙළෙඳ සලක් වනසා දමා ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

දිගින් දිගටම මහකුඹුක්කඩවලට කඩාවදින වන අලි රංචු හේතුවෙන් ගම්මානවල භෝග වගාවන් වනසමින් ජන ජීවිතය සම්පුර්ණයෙන් අවුල් සහගත තත්ත්වයට පත් කර ඇති බව ජනතාව පවසයි.

එසේ කඩාවදින අලි රංචු නිරන්තරයෙන් වල්පාළුව තේක්ක රක්ෂිතය හා අවට ප්‍රදේශවල රැඳී සිටිමින් ගම්මාන වෙත කඩාවැදීම සිදුවන බව ජනතාව කියයි.

මේ වන විට වනඅලි රංචු මහකුඹුක්කඩවල කුඩා කැලෑ ප්‍රදේශවල රැඳී සිටීමටත් පුරුදුව ඇති බවත් කොස් හා අඹ වාරය හේතුවෙන් ගම්මාන වෙත කඩාවැදීම වැඩි වි ඇති බව ජනතාව පවසයි.

කෙසේ නමුත් 28 වැනි දින අලුයම කඩාවැදී ඇත්තේ එක් වල් අලියකු බවත් වෙළෙඳ සලට පහර දෙන විට ප්‍රදේශ වාසින් එළවා ඇති අතර නැවත අලුයම කාලයේ කඩාවැදී මෙලෙස වනසා ඇති බව කියයි.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුතින් ආරම්භ තළ ගොඩනැඟිල්ලකට ද පහර දී ඒ සමඟ ම අසල පිහිටි ආණමඩුව ප්‍රාදේශීය සභාව මගීන් කුලී පදනමට ලබා දී තිබු වෙළෙඳ සලක් ද මෙලෙස කඩා බිඳ දමා ලක්ෂ තුනකට අධික හානියක් කර එහි තිබු ලක්ෂ දෙකක පමණ උපකරණ හා අනිකුත් දෑ වනසා තිබෙනවා.

මෙයට පෙර දින කිහිපයකට පෙර මෙම වන අලියා මහකුඹුක්කඩවල රෝහල් භුමියටද කඩා වැදී එහි වැටවල් කඩා දමා ඇත. ඒ සමඟම පොලිස් ස්ථානයේ ආරක්ෂිත වැටක් ද මෙලෙසම කඩා දමා තිබූ බව කියයි. වනඅලි මෙලෙස කඩා වැදීම නිසා බරපතළ අවදානමකට ජනතාව මුහුණ දී ඇති බව කියයි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT