Tuesday, May 13, 2025
Home » විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් පිළිබඳ විවාදය ජූලි 2-3 දෙදිනදී

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් පිළිබඳ විවාදය ජූලි 2-3 දෙදිනදී

by gayan
June 29, 2024 1:00 am 0 comment

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2, 3 යන දින දෙකේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (28) තීරණය කර ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කළ බව නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව ජූලි 02 අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව. 5.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය. එමෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2 දා පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බව නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 3 වැනි බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා මේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ඉන් පසුව ප.ව. 5.00ට මේ යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹුණු අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වෙත පිරිනැමීමට මේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT