Home » විදුලි කාන්දුවකින් යාපනයේ නවන්තුරේ නිවෙසක් අළු ගොඩක් වෙයි

විදුලි කාන්දුවකින් යාපනයේ නවන්තුරේ නිවෙසක් අළු ගොඩක් වෙයි

by gayan
June 29, 2024 12:30 am 0 comment

විදුලිය කාන්දු වීමක් නිසා යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ නි‍ෙවසක් පෙරේදා (27) සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගොස් තිබේ. නි‍ෙවසේ අයිතිකරු රැකියාව සඳහා ගොස් සිටියදී නිවෙසට ගිනි ඇවිළී තිබේ.

අසල්වාසීන් පිරිසක් විසින් ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව නි‍ෙවසේ අයිතිකරු පැමිණ බලන විට නි‍ෙවසට ගිනි ඇවිළී නිවසේ තිබූ සියලු භාණ්ඩ ද ගින්නට හසු වී දැවී අළු වී ගොස් තිබෙනු දැක ඇත.

මේ පිළිබඳව යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂණ අරම්භ කොට තිබේ.

ඒ අනුව ගින්නට හේතුව එම නි‍ෙවසේ ඉහළ මාලයේ එක් ස්විචයකින් විදුලිය කාන්දු වීමක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ගින්න හේතුවෙන් නිවසට රුපියල් ලක්ෂ අසූවක පමණ අලාභයක් ද භාණ්ඩවලට ලක්ෂ විසි පහක පමණ අලාභයක් ද සිදුව ඇතැයි නිවසේ අයිතිකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT