එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු – 2024 සම්මානය දිනා ගත් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ඊයේ (01) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම සම්මානය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ආසියානු – ෆැසිපික් කලාපයටම දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම සම්මානය එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් මාස 08 ක කාලයක් තුළ සිදු කළ ඇගැයීම් වලින් අනතුරුව ලෝකයේ විවිධ රටවල තරගකාරි අයැදුම්කරුවන් 750 දෙනෙකු අතරින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ප්‍රථම ස්ථානයට තෝරාගෙන තිබිණි.